'කොව්ඩ් 19'ට එන්නතක් නිපදවීමට ලොවපුරා විද්‍යාඥයින් වෙහෙසෙයි

මාර් 21, 2020

    කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම සඳහා ලොවපුරා විද්‍යාඥයින් හා සෞඛ්‍ය අංශ පරික්ෂණ රැසක නිරතව සිටියි. බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පවසන්නේ, වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් ලබාදීම සඳහා වසරක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

    ලොවපුරා විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙන්නේ, නව එන්නතක් සොයාගැනීම හෝ සංවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බවටයි. මෙය සංකීර්ණ කටයුත්තක් බැවින්, අතුරු ආබාධ හා සෞඛ්‍ය ගැටලු පැන නොනගින ආකාරයෙන් එන්නත නිපදවීම සිදුකළ යුතුයි.

    බ්‍රිතාන්‍ය තුළ සිදු කෙරෙන සොයා ගැනීම් මගින් නිශ්චිතවම මාස 12ක කාලයත් කුළ වඩා සාර්ථක එන්නතක් ලබාදීමට හැකි බවට එරට විද්‍යාඥයින් විශ්වාස පළ කරයි. රැසියානු විද්‍යාඥයින් ද සයිබීරියාවේ දී රසායනාගාරයක නව කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් අත්හදා බලමින් සිටියි. කෙසේ වුවද, ඉක්මන් ප්‍රතිකාර කළ හැකි සාර්ථක එන්නතක් මෙතෙක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 12:40

    Latest News