රෝනල්ඩියෝට අධිකරණ නියෝගයක්

මාර් 08, 2020

    ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක රොනල්ඩිනෝ පැරගුවේ බන්ධනාගාරයේ අනිවාර්යෙන්ම රඳවා තැබිය යුතු බව එරට අධිකරණය නියෝග කර තිබේ.

    බ්‍රසීල ජාතික සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩෝ ඩී. ඈසිස් මොරේයා හෙවත් රොනල්ඩිනෝ සහ ඔහුගේ සොහොයුරා පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත්වුණේ, ව්‍යාජ ගමන් බලපත්‍ර යොදා ගනිමින් පැරගුවේ රාජ්‍යයට ඇතුල්වීමට උත්සහ දරන අවස්ථාවේ.
    ඔවුන් දෙදෙනා දින දෙකක කාලයක් පැරගුවේ රාජ්‍යයේ ගත කිරීමටයි, මෙම ව්‍යාජ ගමන් බලපත්‍ර යොදා ගෙන තිබෙන්නේ. නමුත් සිර දඩුවම් නියම කරනු වෙනුවට දඩයක් හෝ මූල්‍ය ආධාරයක් සිදුකර ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතීඥයින් ඉල්ලා සිටියි. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් අනිවාර්යෙන්ම සිර දඩුවම් ලැබීය යුතු බවට පැරගුවේ අධිකරණය නියෝග කර තිබේ.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 12:17

    Latest News