පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකළ පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වන ජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් එම දැනුම්දීම සිදුකළේය.
ඒ අනූව පෙත්සම ඔක්තෝබර් මස 26 වැනිදා යළි කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය ඊට පෙර අදාල පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙසයි, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට දැනුම් දුන්නේ.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් සඳහන් කර සිටියේ මෑතකදී හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් හත් දෙනෙකු අභිරහස් ලෙස මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බවයි.
ඒ අනූව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි, ඉල්ලා මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබිණ.