බ්‍රිතාන්‍යය පුපුරන ද්‍රව්‍ය පාර්සල් ගැන පරීක්ෂණ අරඹයි

මාර් 06, 2019

    බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපොළ දෙකක් සහ දුම්රිය ස්ථානයක තිබී සොයාගත් පුපුරන ද්‍රව්‍ය සහිත පාර්සල් කිහිපයක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    පුපුරන ද්‍රව්‍ය සහිත පාර්සල් තුනක් මෙම ස්ථානවලින් ලැබී තිබේ. විමර්ශන සිදුකරනු ලබන්නේ, බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලීසිය මගින්. හිතෘ සහ ලන්ඩන් සිටි යන ගුවන් තොටුපොළ වෙතත්, වෝටර්ලු දුම්රිය ස්ථානය වෙතත් මෙම පුපුරන ද්‍රව්‍ය සහිත පාර්සල් ලැබී ඇති බවයි, විදෙස් ප්‍රවෘත්ති සේවා පවසන්නේ.

    පරීකත්ෂණවලින් තහවුරු වී ඇත්තේ, මෙම පාර්සල් ලැබී ඇත්තේ අයර්ලන්ත මුද්දර සහිතව බවයි. ඒ අනූව, විමර්ශන සඳහා අයර්ලන්ත පොලීසියෙන් ද තොරතුරු ලබාගෙන තිබේ.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 13:07

    Latest News