ඉතාලියේ කෝටි එක හමාරක් ජනතාව නිරෝධායනයට

මාර් 08, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් එක්කෝටි හැට ලක්ෂයක ජනතාවක් නිරෝධායනය කිරීමට ඉතාලිය සූදානම් වෙයි.

    ඉතාලියේ ලොම්බාඩි ප්‍රදේශයේ සහ තවත් ප්‍රාන්ත 14ක ජනතාව මෙසේ අනිවාර්ය නිරෝධායනයකට ලක් කිරීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.

    මෙම නිරෝධායනය කිරීම ලබන අප්‍රේල් මස මුල් සතිය දක්වා ක්‍රියාත්මක වනු ඇති. ඒ අනූව, ඉතාලියේ ප්‍රදේශ රැසක ජනතාව ගැවසෙන බොහෝ ස්ථාන වසා දැමීමට ද තීරණය කර තිබේ. ඉතාලිය, යුරෝපයේ වැඩිම වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් හමුවූ රටයි. මේ වන විට මරණ සංඛ්‍යාව 230 ඉක්මවා තිබේ. වාර්තා වූ සම්පූර්ණ සංඛ්‍යාව හය දහසකට ආසන්නයි.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 10:56

    Latest News