චාමර අංක එකට

අගෝ 15, 2023

    දකුණු කොරියාවේ හොඳම විදෙස් ශ්‍රමිකයාට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ චාමර චන්දිමාල් ජයන්ත මහතාට හිමිව තිබෙනවා.

    ඔහුට වොන් මිලියනයක මුදල් ත්‍යාගයක් ද පිරිනැමුණා.  දකුණු කොරියාවේ බුසාන් නගරයේදී පසුගියදා පැවති රැකියා බලපත්‍ර ක්‍රමවේද පිළිබඳ සමුළුවේදී මෙම සම්මානය පිරිනැමුණා.

    එය පැවැත්වුණේ, එරට කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාව ඇතුළු  රටවල් 18 ක තානාපතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News