චීන ජනපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්

පෙබ 08, 2020

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අමෙරිකානු ජනාධිපති සහ සවුදියේ සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞඩ් රජු සමඟ දුරකථන සංවාදයක නිරත වී ඇත.

    එහිදි, චීන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, චීන ජනතාව වසංගතයට එරෙහිව යුද්ධයක් ආරම්භ කර ඇති බවයි.

    රෝග ව්‍යාප්තිව පාලනය කරමින් චීනය ලෝකවාසීන්ගේ මහජන ආරක්ෂාව සඳහා විශාල දායකත්වයක් ද ලබා දී ඇති බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

    චීන ආර්ථීකයේ දිගු කාලීන යහපත් වර්ධනය වෙනස් නොවන බව පැවසූ චීන ජනාධිපතිවරයාට එහිදී ට්‍රම්ප්ට පවසා ඇත්තේ, අවශ්‍ය නම් අමෙරිකානු විශේෂඥයින් කණ්ඩායමක් චීනයට යොමුකළ හැකි බවයි.

    Latest News