චීනය තවත් රෝහල් 3කට සැළසුම් කරයි

පෙබ 04, 2020

    දෛනිකව චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් තවත් රෝහල් 3 ක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.

    එරට ජියැන්ගන්, වුචැං සහ ඩොන්ග්ෂිහු යන ප්‍රදේශවල පිහිටි ක්‍රීඩාංගණයක, ප්‍රදර්ශන ශාලාවක මෙන්ම තවත් හිස් භූමියක එම රෝහල් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

    කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනය රෝහල් දෙකක් ඉදිකිරීමට පියවර ගත් අතර, ඉන් එක් රෝහලක ඉදිකිරීම් කටයුතු අවසන් කර ප්‍රතිකාර කටයුතු සදහා එරට ආරක්ෂක අංශ වෙත භාර දී ඇත.

    අනෙක් රෝහලේ ඉදිකිරීම් කටයුතු ඉදිරි සතියේ අවසන් කිරීමට නියමිත බවයි, පැවසෙන්නේ.

    Latest News