පලඟැටි උවදුර තවදුරටත් ව්‍යාප්ත වේ

පෙබ 04, 2020

    නැගෙනහිර අප්‍රිකානු කලාපයේ පැතිර යන කාන්තාර පලඟැටි උවදුර හේතුවෙන් රටවල් රැසක ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමකට මුහුණපා ඇති බව, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය පවසයි.

    කාන්තාර පලඟැටියන් බිලියන ගණනක් මේ වනවිට නැගෙනහිර අප්‍රිකානු රටවල් පුරා ව්‍යාපතව සිටී.

    මෙම උවදුර මුල්වරට හඳුනාගැනුනේ ඉකුත් දෙසැම්බර් මාසයේදී සෝමාලියාවෙන්.

    අනතුරුව මෙම පළඟැටියන් කෙන්යාව සහ ඉතියෝපියාවටත් ඉන් පසු උගන්ඩාවට හා දකුණු සුඩානයටත් පැතිර ගියේය.

    Latest News