සෙබළුන් 80කට මරු කැඳවමින් යේමනයට ප්‍රහාරයක්

ජන 20, 2020

    යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් සෙබළුන් 80 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    යේමනයේ මාරිබ්හි පිහිටි හමුදා කඳවුරකට අදාළ ප්‍රහාරය එල්ල වී තිබේ. සානා අගනුවරට කිලෝ මීටර 170ක් පමණ නැගෙනහිරින් අදාළ කඳවුර පිහිටා ඇති බවයි, වාර්තා වන්නේ. කඳවුර ආසන්නයේ පල්ලියකට යාඥා කිරීම සඳහා රැස්ව සිටි පිරිස් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරය සිදු කරන්නට ඇති බවටයි, සැක කෙරෙන්නේ.

    ප්‍රහාරය සම්බන්ධයෙන් යේමන රජය හව්ති කැරළිකරුවන්ට චෝදනා කරන නමුත්, මෙතෙක් කිසිඳු සංවිධානයක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නැත. මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට එරට බලධාරීන් පවසයි. යේමන ජනාධිපති අබ්ද්‍රාබ්බු මන්සූර් හාඩි අදාළ බියගුළු ප්‍රහාරය දැඩිව හෙළා දැක තිබේ.

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 09:52

    Latest News