ගැටුම් මැද ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ජන 09, 2020

    මැද පෙරදිග කලාපයේ යුදමය තත්වයක් වළක්වා ගැනීමේ අරමුණෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදුකර තිබේ.

    ඔහු කියා සිටින්නේ, ඉරානය මෙම ගැටුමෙන් බැහැරවන ලකුණු පෙන්නුම් කර ඇති බවයි. ජනාධිපතිවරයා වොෂිංටන්හි පිහිටි ධවල මන්දිරයේ දී ජාතිය අමතමින් ප්‍රකාශයක් ඊයේ සිදුකර තිබේ. අමෙරිකාව සතුව ලොව ඉහළතම යුද බලය ඇති බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ. නමුත් එය භාවිත කළ යුතු බවට නියමයක් නොපවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසන්නේ, මෙම ප්‍රහාරය අමෙරිකාවට එල්ල කළ අතුල් පහරක් බවයි. විශේෂිත ප්‍රකාශ සිදු කිරීමේ අවස්ථාවට හමුදා ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියේය. ඉරාකයේ අමෙරිකානු භටයින් රැඳී සිටින ගුවන් හමුදා කඳවුරු කිහිපයකට ඉරානය ඊයේ බැලස්ටික් මිසයිල ප්‍රහාර 15ක් පමණ එල්ල කර තිබේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 09:11

    Latest News