2020 නව වසර වෙනුවෙන් චීන ජනාධිපතිගේ සුභාශිංසන

දෙසැ 31, 2019

    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2020 නව වසර වෙනුවෙන් සියළු දෙනා වෙත සුභාශිංසන පිරිනමයි.

    වසර 2019 කළ කැපවීමෙන් සරුසාර ප්‍රතිඵල දිනා ගැනීමට හැකිවූ බව චීන ජනාධිපතිවරයා පවසයි. චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 100ක් මෙන්ම ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම ඇ.ඩො.දස දහස අභිබවනු ඇතැයි තක්සේරු කෙරේ. අවදානම් අවමකිරීම,දිළිඳුකම තුරන් කිරීම, නිල්වන් අහස ආරක්ෂා කිරීම පිළිබඳ විශාල ජාතික මෙහෙයුම් තුනේ දී වැදගත් ප්‍රගතීන් දිනා ගැනීමට හැකිවූ බවද චීන ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පණිවුඩයේ සඳහන් කරයි.
    වසර 2019 චීනය අඛණ්ඩව විවෘතභාවය ඉදිරියට මෙහෙයවූ වසරකි. දෙවැනි එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගිතා සමුළුව, බෙයිජිං ලෝක උයන් ප්‍රදර්ශනය, ආසියානු ශිෂ්ටාචාර සංවාදය මෙන්ම දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වුණේ චීනයේ සත්කාරකත්වයෙනි.

    ශිෂ්ටාචාරත්මක හා විවෘත චීනයක් එමගින් ලෝකයට විදහා පෑවේය. 2020 වර්ෂය සංධිස්ථාන වර්ෂයකි. සුවපහසු සමාජයක් ගොඩනැගීමේ ඉලක්කය ඉටු කෙරෙන්නේ මෙම වසර තුළදීයි. දිළිඳුකම තුරන් කිරීමේ සටනට තීරණාත්මක වර්ෂය ද මෙම වසරයි.

    චීනය ස්ථිර ලෙස සාමකාමී සංවර්ධන මාර්ගය අනුගමනය කරන බවද චීන ජනාධිපතිවරයා සඳහන් කරයි.

    2020 වසරේ මේ සියළු ජයග්‍රහණ අත්පත් කරගෙන ලෝකයේ සෙසු රටවල් සමග සහයෝගයෙන් අත්වැල් බැඳ ගැනීමට හැකි වසරක් වේවායි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රාර්ථනය කරයි.!!

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 17:48

    Latest News