ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නවසීලන්ත සංචාරයට පිටත්ව යයි

දෙසැ 04, 2018

    ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 15 වැනිදා නවසීලන්තයේ වෙලින්ටන්හිදී ඇරඹේ.

    තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ පිටත්ව ගියහ. ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත්වල නිරත වූහ. 17 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ. උප නායකයා දිමුත් කරුණාරත්නයි.

    තරග සංචාර කිහිපයකට පසු ලහිරු තිරිමාන්න සහ නුවන් ප්‍රදීප් ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ අකිල ධනංජය නවසීලන්ත තරග සංචාරයට ඇතුළත් කර නැත. ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ 20-20 තරගයක් තරගාවලියට ඇතුළත්වේ.

    එය නිමාවන්නේ ලබන ජනවාරි මස 11 වැනි දිනයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News