කරාතේ දක්‍ෂතා දැක්වූවන් දිවයිනට

නොවැ 28, 2018

    15 වැනි ආසියානු පැසිපික් ශිතෝරියු කරාතේ තරගාවලියේ දී සුවිශේෂි දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා.

    තරගාවලිය පැවැත්වුණේ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී. රටවල් 30ක් නියෝජනය කරමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් විශාල පිරිසක් මෙවර තරගාවලියට එක්ව සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට දක්‍ෂතා දක්වමින් රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 13ක් සමඟ ලබාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව 18ක්. තරගාවලියේ දී, ශ්‍රී ලංකාවට හිමි වුණේ, සිව්වැනි ස්ථානයයි.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News