බොක්සිං පිරිමි ශුරතාව ස්ලිම්ලයින් ක්‍රීඩකයින්ට

නොවැ 28, 2018

    93 වැනි ජාතික බොක්සිං තරගාවලියේ පිරිමි ශුරතාව දිනාගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත්වුණා.

    එහි කාන්තා ශුරතාව දිනාගත්තේ, යුනිවෙලා ක්‍රීඩා සමාජය විසින්. තරගාවලිය පැවැත්වුණේ, කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී. පිරිමි ශුරතාව දිනූ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය රන් පදක්කම් 4ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගත්තා.

    එහි අනු ශුරතාව දිනාගත්තේ යුද හමුදාවයි. කාන්තා ශුරතාව දිනූ යුනිවෙලා ක්‍රීඩා සමාජය රන් පදක්කම් 6ක් සහ රිදී පදක්කම් 3ක් දිනාගත්තා. එහි අනු ශුරතාව දිනාගත්තේ, පොලිස් කණ්ඩායම විසින්.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News