එංගලන්ත පිල 324/9යි.

නොවැ 16, 2018

    සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 9කට ලකුණු 324ක් ලබාගැනිමට අද සමත්වූහ.

    තරගයේ පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී.

    එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක ජෝ රූට් ලකුණු 124ක් සහ රොරී බර්න්ස් ලකුණූ 59ක් ලබා ගැනිමට සමත් වුණි. නොදැවී පන්දුවට පහර දෙන බෙන් ෆෝක්ස් ලකුණු 51ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 4ක් ලබා කඩුල්ලේ රැදී සිටී. 

    විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 106කට කඩුලු 06ක් බිඳ හෙලීය.

    එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 290ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ ලබාගත්තේ ලකුණු 336ක් පමණයි. මේ අනුව එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් අතැතිව ලකුණු 278ක් ඉදිරියෙන් සිටී. හෙට තරගයේ සිව්වැනි දිනයයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News