තවත් සැණකෙළියක ආරම්භය කිිවියන් මෙරටට?

අගෝ 23, 2024
    ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වීමට නවසීලන්ත කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණීමට නියමිතයි.

    තරගාවලිය සැප්තැම්බර් 18 සිට 30 දක්වා පැවැත්වෙනවා. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග දෙකක් ඇතුළත්.

    පළමු තරගය, 18 සිට 23 වැනිදා දක්වා පැවැත්වෙනවා.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින්, සැප්තැම්බර් 21 වැනි දින ටෙස්ට් තරගයේ විවේක දිනය ලෙස නම් කර ඇති බවයි. දෙවැනි තරගය, 26 සිට 30 දක්වා පැවැත්වෙනවා.
    තරග දෙකම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
     

    Latest News