බංගලි රටේ අද සවසට ඇසෙන සිංහ නාදය

මාර් 13, 2024
    ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක් දින ක්රිකට් තරගය අද පැවැත්වෙනවා.
    ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ටආරම්භ වන තරගය පැවැත්වෙන්නේ, බංග්ලාදේශයේ චැටග්රෑම් හිදී.
     
    ශ්රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් සහ බංග්ලාදේශය නජ්මුල් හොසේන්ගේ නායකත්වයෙන් තරගාවලියට සහභාගී වනවා.
     
    දෙපිලේ නායකයින්ගේ සහභාගීත්වයෙන් ශූරයින්ට පිරිනැමෙන කුසලානය ද ඊයේ එළිදැක්වුණා. මෙවර තරගාවලිය නම් කළ ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
     
    මෙරට දි පසුගියදා නිමා වූ ඇෆ්ගනිස්ථාන තරගාවලිය අතරතුර ආබාධයට ලක්වු ආරම්භක පිතිකරු, පැතුම් නිස්සංකට මෙවර ශ්රී ලංකා කණ්ඩයමට කැදවා තිබෙනවා. දෙරට අතර එක්දින තරගාවලියට තරග 3 ක් ඇතුළත්.
     
    දෙවැනි තරගය ලබන 15 වැනිදා සහ තුන්වැනි තරගය ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙතෙක් ඉතිහාසයේ ශ්රී ලංකාවත් බංග්ලාදේශයත් අතර පවත්වා ඇති එක් දින ජාත්යන්තර තරග සංඛ්යාව 54 ක්.
     
    ඉන්, තරග 42 ක් ශ්රී ලංකාවත්, තරග 10 ත් බංග්ලාදේශයත් ජය ගත්තා. තරග දෙකක් අවසන් වුණේ, තීරණයකින් තොරවයි.
    Last modified on බදාදා, 13 මාර්තු 2024 09:13

    Latest News