ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද

ජූනි 29, 2022

    සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පෙරවරු 9.45ට ආරම්භවීමට නියමිතයි.

    මෙම ටෙස්ට් තරඟය ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ශේන් වෝන් අනුස්මරණ සඳහා වෙන් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

    පා දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් ද අද ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන බවයි, ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් සඳහන් කරන්නේ.

    එමෙන්ම, පාදයක ආබාධයකට ලක්ව සිටින මැදපෙල පිතිකරු ට්‍රැවිස් හෙඩ් අද තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවත්, ඔහුට පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ග්ලේන් මැක්ස්වෙල් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නම් කිරීමට නියමිත බවත් ඔස්ට්‍රේලියානු නායකයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on බදාදා, 29 ජූනි 2022 09:36

    Latest News