ශ්‍රී ලංකා පිලට හෙට තීරණාත්මකයි

නොවැ 17, 2018

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

    අද දිනය නිමා වනවිට ශ්‍රී ලංකාව තම දෙවැනි ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 226ක් රැස් කරගෙන සිටින්නේය. පළමු ඉනිමට, එංගලන්තය ලකුණු 290ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 336 ක් රැස් කලේය. 

    තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

    අද දිනය ආරම්භ කරන විට, කඩුලු 9ක් දැවී ලකුණු 324ක් ලබා සිටි එංගලන්ත දෙවැනි ඉනිම, ලකුණු 346කට නිමා විය.

    අනතුරුව, ලකුණු 301ක ඉලක්කයක් හඹා යමින්, ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළේ, දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා විසිනි. පළමු කඩුල්ල ලෙස කෞෂාල් ලකුණු 4කට දැවී ගිය අතර, ධනංජය ද සිල්වා ලකුණු 1 එකකට දැවි ගිය අතර, කුසල් මෙන්ඩිස් රැස් කළේ ද එක් ලකුණක් පමණයි. දිමුත් කරුණාරත්න ලකුණු 57ක් රැස් කිරිමට සමත්වින. රොෂේන් සිල්වා ලකුණු 37ක් ලබා සිටියදී දැවී ගියේ, ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසයි. ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 6ක් සමඟ ලකුණු 88ක් ලබා ගැනීමට සමත්වින.

    වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර අද තරගය නිමා වූ අතර, ඒ වනවිට නිරෝෂන් දික්වැල්ල ලකුණු 27ක් ලබා කඩුල්ලේ රැදි සිටියි. ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණයට තවත් කඩුලු 3ක් අතැතිව ලකුණු 75ක් ලබාගත යුතුයි. තරගයේ අවසන් දිනය හෙටයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 17 නොවැම්බර් 2018 18:42

    Latest News