එංගලන්තය පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 285යි

නොවැ 14, 2018

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

    දිනය නිමාවන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 26ක්. තරගයේ කාසියේ වාසිය ජයගනිමින්, එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන් පළමු ඉනිමට සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 285ක්. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෑම් කුරන්, ලකුණු 64ක් රැස් කළා.

    ජෝෂ් බට්ලර් ලකුණු 63ක් රැස් කළ අතර රෝරි බර්න්ස් ලකුණු 43යි. පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ලකුණු 61කට කඩුලු 4ක් බිඳහෙලුවා. මාලින්ද පුෂ්පකුමාර ලකුණු 89ට දවාගත් කඩුලු සංඛ්‍යාව 3ක්. අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා. ආරම්භක කඩුල්ලේ සබඳතාව 22ක් වනවිට, කෞෂාල් ලකුණු 6කට දැවී ගියා. දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ දිමුත් කරුණාරත්න සහ මාලින්ද පුෂ්පකුමාරයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 10:21

    Latest News