දෙවැනි ක්‍රිකට් තරගය හෙට පල්ලෙකැලේ

නොවැ 13, 2018

    ශ්‍රී ලංකා-එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

    දෙරට අතර පළමු තරගයෙන් එංගලන්තය ලකුණු 211ක ජයක් වාර්තා කළා. තරගය සූදානම් වන දෙපිලේ ක්‍රීඩකයින් පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී අද අවසන් පුහුණුවීම්වල නිරත වුණා. හෙට තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට නියමිතයි.

    ඒ අනුව, ආබාධයකට ලක්ව සිටින නායක දිනේෂ් චන්දිමාල් සහ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් රංගන හේරත් වෙනුවට වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙකු ක්‍රීඩා කරනු ඇති. හෙට තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනු ලබන්නේ, වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් විසින්.

    හෙට ආරම්භ වන්නේ, දෙරට අතර 33 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි. මීට පෙර පැවති තරගවලදී රංගලන්තය තරග 13ක ජය වාර්තා කළ අතර, ශ්‍රී ලංකාවට තරග 8ක ජය හිමිවුණා. තරග 11ක් නිමා වූයේ, ජය-පරාජයෙන් තොරවයි. මෙවර පළමු තරගයෙන් පසු, පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අකිල ධනංජයට එල්ලවූ චෝදනා පිළිබඳව ද සුරංග ලක්මාල් අදහස් පළ කළා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 20:59

    Latest News