ලසිත් සමුගනී ද ?

අප්‍රේ 18, 2019

    මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වී තිබේ.

    ඊට හේතුව ඔහු අන්තර් ජාතික ක්‍රිකට් දිවියෙන් සමුගන්න බවට පැතිර යන ප්‍රවෘත්තියයි.

    ඒ පිළිබඳ සත්‍ය දැනගැනීමට රූනිව්ස්, ඔහුගෙන් දුරකතනය ඔස්සේ විමසීමක් සිදු කළේය. ඊට පිලිතුරු දුන් ලසිත් මාලිංග ප්‍රකාශ කළේ ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්වීමට මේ වනවිට හේතුවක් හෝ ප්‍රශ්නයක් ඇති වී නැති බවයි. එසේම සමාජ මාධ්‍ය යනු ප්‍රශ්න විසඳන තැනක් නොවන බවත් තමන් ගන්නා තීරණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ඔහු බැඳී නොසිටන බවත් ලසිත් මාලිංග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    නමුත් ඊයේ(17) වනවිට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසුවේ ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රීඩා පිටියෙන් ඉවත්වන බවයි. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හා ප්‍රවෘත්ති වෙබ් අඩෙවිවල ප්‍රචාරය වී තිබේ.

    ඔහුගේ නමින් සමාජ මාධ්‍යවල පලවූ දේ......

    malinga

    නමුත් මෙම ෆෙස්බුක් ගිණුම ව්‍යාජ එකක් බව ලසිත් මාලිංග පවසා තිබේ.

    කෙසේ වෙතත් ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට සූදානම් කර තිබෙන බවයි. අද(18) පස්වරු 2න් පසුව ක්‍රිකට් ලෝක කුසලානය සඳහා නම් කරන කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව බොහෝ විට අද පස්වරු 2න් පසු ලසිත් මාලිංග ඔහුගේ තීරණය ප්‍රකාශයට පත් කරනු ඇත.

    ඊයේ දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කිරීම සිදුකෙරුනු අතර ඒ අනුව ඔහු මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ඇත.

    ලසිත් මාලිංග වසරකට ආසන්න කාලයක් එක්දින කණ්ඩායමේ නායකත්වය ලබා දී තිබුණු අතර ඒ අවධියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත් විය.

    Last modified on සිකුරාදා, 19 අප්‍රේල් 2019 15:36

    Latest News