අන්තර් පාසල් බර ඉසිලීමේ තරඟාවලිය කල් යයි

මැයි 04, 2021

    අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි.

    2021/05/08 සහ 09 දෙදින මාවනැල්ල, අරණායක, දිප්පිටිය රාජගිරි මහ විදුහලේ පැවැත්වීමට නියමිත ව තිබූ අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය දින නියමයක් නොමැති ව කල් දැමූ බව පාසල් බර ඉසිලීම, සවිඑසවීම සහ ශක්තිවර්ධන හා කායවර්ධන සම්මේලනයේ සභාපති පුෂ්පකුමාර විතානගේ මහතා දැනුම් දෙයි.

    පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එසේ තරඟාවලිය කල් දැමීමට සිදු වූ බැව් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

    Latest News