අපේ උනන්දුවාගෙන් වාර්තාවක්

නොවැ 16, 2022

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි අවසන් තරග 6 ක විනිසුරුවරයෙකු ලෙස ක්‍රියා කළ කුමාර් ධර්මසේන මහතාට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ප්‍රශංසාව පළ වී තිබෙනවා.

    එවැනි දක්ෂතාවක් දැක්වූ ලොව පළමු විනිසුරුවරයා වන්නේ කුමාර් ධර්මසේන මහතායි. කුමාර් ධර්මසේන මහතා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස ක්‍රියා කළා.  ඔහු අද උදේ දිවයිනට පැමිණියා. 

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ලෝක ක්‍රිකට් තරගාවලිවල කැපී පෙණෙන සේවාවක් කළ කුමාර් ධර්මසේන මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂේත්‍රයට විශේෂ දායකත්වයක් දැක්වූ පුද්ගලයෙක්.   ඔහු, ටෙස්ට් තරග 75 කටත්, එක් දින තරග 118 කටත්, 20-20 තරග 42 කටත් සිය දායකත්වය ලබාදී තිබෙනවා.  ඒ, විනිසුරුවරයෙකු ලෙසින්. 

    මධ්‍යස්ථ හා නිවැරදි තීරණ දෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වාගෙන යාමට ධර්මසේන මහතා දක්වන දායකත්වය විශේෂ අගැයීමට ලක්ව තිබෙනවා. 

    Latest News