සුපිරි 12 දෙනාගේ වටයේ තරග 03ක් අද

ඔක් 27, 2022

    20-20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 02 කාණ්ඩයේ තවත් තරඟ 03 ක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30ට දකුණු අප්‍රිකානු හා බංග්ලාදේශ කණ්ඩායම් අතර තරඟය පැවැත්වෙන අතර නෙදර්ලන්තය හා ඉන්දියාව අතර තරඟය දහවල් 12.30 ට පැවැත්වීමට නියමිතයි.

    එමෙන්ම පාකිස්ථාන කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි.

    Latest News