වනිඳුගෙන් ගිලිහුණු ශ්‍රේණිගත කිරීම්

ඔක් 27, 2022

    20 - 20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක, වනිඳු හසරංග ස්ථාන 3 කින් පසු  බැස තිබෙනවා. එම ලේඛනයේ පෙරමුණේ පසුවන්නේ, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක,  රෂීඩ් ඛාන්.

    වනිඳු හසරංග ශ්‍රේණිගත  කිරීම් ලේඛනයේ පසුවන්නේ, 6 වැනි ස්ථානයේ. ලෝක කුසලාන 20 යි 20  තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග තරගයට පෙර ඔහුට හිමිව තිබුණේ, තුන් වැනි ස්ථානයයි.  

    එහෙත්,  එම තරගයේ දී පන්දුවාර 3 ක් පමණක් යැවූ වනිඳු හසරංගගේ එම පන්දුවාර සංඛ්‍යාවේදී ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 53 ක් ලබා ගැනීමට සමත්වුණා. ඒ අනුව ඔහු 6 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. වනිඳු හසරංගට හිමි ‍ශ්‍රේණිගත කිරීම් ලකුණු සංඛ්‍යාව 668 ක්.

    ලකුණු 669 ක් සමග මහීෂ් තීක්‍ෂණ ලේඛනයේ පස් වැනි ස්ථානයේ පසු වනවා. ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානය හිමි ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්ට හිමි ලකුණු සංඛ්‍යාව 702 ක්.

     

     

    Latest News