ආසියානු දැල්පන්දු ශූරතාවලියේ දී මැලේසියාව පරදා ‍ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සැප් 07, 2022

    ‍ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු දැල්පන්දු ශූරතාවලියේ, දෙවන වටයේ තරගයෙන් ජය හිමිකරගැනීමට ඊයේ සමත්වුණා.


    ඒ, මැලේසියා කණ්ඩායම පරාජය කරමින්.

    තරගාවලිය පැවැත්වෙන්නේ සිංගප්පූරුවේදී. දෙවන වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ද මෙයයි. තරගය ආරම්භයේ සිටම දෙපිළම තියුණු තරගයක නිරත වුණා. පළමු කාර්තුව අවසානයේදී ලකුණු 15-13ක් ලෙස මැලේසියාව පෙරමුණ ගත්තා. නමුත් දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාව ලකුණු 17ක් ලබාගත් අතර මැලේසියාව ලබාගත් ලකුණු සංඛ්‍යාව 15ක්. ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වුණේ, ලකුණු 30-30ක් ලෙස දෙපිළම සමතත්වයේ සිටියදී. තරගයේ තෙවැනි කාර්තුවේදී වැඩි දක්ෂතා ‍දැක්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අනුව, එම කාර්තුව අවස්න වන විට ලකුණු 45-38ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තා. තියුණු තරගයකින් පසු තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 55-53ක් ලෙස ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සිංගප්පූරුව සමග තරග වැදීමට නියමිතයි.

    Latest News