ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය අද

සැප් 01, 2022

    ‍ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්  ඩුබායිහි දී අද  පැවැත්වෙනවා.  ඒ, බංග්ලාදේශය  සමග තරගයයි. 

    ආසියානු කුසලාන  තරගාවලියේ ශ්‍රී ලංකා කණ්‍ඩායම මුහුණ දුන් ප්‍රථම තරගය ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත් වුණා. ඒ හේතුවෙන්, තරගාවලියේ සුපිරි 4 වටයට  සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජය ගත යුතුයි.

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ  සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත් දෙවැනි කණ්ඩායම බවට පත් වීමට ඉන්දියාව සමත් වුණා. ඒ, ඉන්දියාව මූලික වටයේ ක්‍රීඩා කළ තරග දෙකම ජය  ගැනීමත් සමගයි. ඉන්දියාව සහ හොංකොං අතර තරගය, ඩුබායිහිදී  ඊයේ පැවැත්වුණේ "ඒ" කා‍ණ්ඩය යටතේ. ප්‍රථමයෙන් පන්දුවට  පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 කට ලකුණු 192 ක් රැස් කළා. 

    සූර්යකුමාර යාදෙව් නොදැවි ලකුණු 68  යි. විරාත් කෝලි නොදැවි ලකුණු 59 යි. පන්දු යැවීමේ දී මොහොමඩ් දසන්ෆා සහ අයුෂ් ෂුක්ලා කඩුල්ල බැගින් දවා ගත්තා. ලකුණු 193 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය හොංකොං  කණ්ඩායමට  කඩුලු 5 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

    බාබර් හයට් ලකුණු 41 යි. පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, අර්ෂ්දීප් සිං, රවීන්ද්‍ර ජඩේජා සහ ආවේෂ් ඛාන් කඩුල්ල බැගින් දවා ගත්තා. ඒ අනුව, ලකුණු 40 ක ජයක් ඉන්දියාවට හිමි වුණා.

    Latest News