පෙරලිකාර ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) දිවයිනට...

පෙබ 08, 2022

    19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා.

    තරගාවලිය පැවැත්වුණේ,  බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී. තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් ලෙස කාගෙත් අවාධානය දිනාගැනීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ දුනිත් වෙල්ලාලගේ විසින්. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ ද ඔහුයි.

    මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායමට තම නම ඇතුළත් කරගැනීමට ද දුනිත් වෙල්ලාලගේ සමත්වුණා. ඉන්දීය කණ්ඩායම යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් අතර,  ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූයේ 06 වැනි ස්ථානයයි.

    Latest News