ඉන්දියාව‍ට 5 වැනි වරටත් 19න් පහළ ලෝක කුසලාන ශුරතාව....

පෙබ 06, 2022

    බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත්වුණා.

    ඒ, එංගලන්ත යොවුන් කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත් කරමින්. ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ජයගත් පස්වැනි අවස්ථාව මෙයයි. ඇන්ටිගාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 44 පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 189ක් පමණයි. එංගලන්ත ඉනිමේ කඩුලු 7ක් දැවී ගියේ ලකුණු පුවරුව 91ක්ව තිබියදී. 8වැනි කඩුල්ලට ලකුණු 93ක සබඳතාවක් ගොඩනැගීමට ජේම්ස් රුවි හා ජේම්ස් සේල්ස් සමත්වුණා. ජේම්ස් රුවි ලකුණු 95කට දැවී ගිය අතර, ජේම්ස් සේල්ස් නොදැවී ලකුණු 34යි.
    පන්දු යැවීමේදී රාජ් බාවා කඩුලු 5ක් බිඳ හෙලුවා. රවී කුමාර් කඩුලු 4ක් දවාගත්තා. ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි, පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් අතැති ජය ලබාගත්තා. ෂයික් රෂීඩ් ලකුණු 50ක් සහ රාජ් බාවා ලකුණු 35ක් ද ලබාගත්තා. නිශාන්ට් සින්දු නොදැවී ලකුණු 50ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රාහී සීමාවට රැගෙන ගියා. පන්දු යැවීමේදී ජොෂුවා බොයිඩ්න්, ජේම්ස් සේල්ස් හා තෝමස් ඇස්පින්වෝල් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

    Latest News