ශ්‍රී ලංකා යොවුන් පිලෙන් ලෝක කුසලානය ගිලිහෙයි

ජන 28, 2022

    බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව ගිලිහී ගියේය.

    ඒ ඊයේ රාත්‍රියේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟයේදී ලකුණු 04කින් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වීමත් සමඟයි.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිළ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
    ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 47.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 134ක් රැස්කළේය.

    දක්ෂ පන්දු යැවීමක නිරතවූ විනුජ රන්පුල් පන්දුවාර 09 යි එක් පන්දුවකදී ලකුණු 10 කට කඩුලු 05 ක් බිඳ හෙළීය.
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

    ඒ අනුව තරඟය අවසන් වූයේ ඇෆ්ගනිස්තානය ලකුණු 04ක ජයක් හිමිකර ගත්තේය. 

    Latest News