ඔස්ට්‍රේලියාවට යන ක්‍රිකට් සංචිතය නම් කෙරේ....

ජන 26, 2022

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගිවන සංචිතය නම් කර තිබෙනවා.

    කණ්ඩායම, මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ, දසුන් ශානකටයි. චරිත් අසලංකට උප නායකත්වය හිමිව තිබෙනවා. අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, කමිල් මිෂාර, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලහිරු කුමාර, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම සහ ශිරාන් ප්‍රනාන්දු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්. තරගාවලිය ලබන 11 වැනිදි ආරම්භ කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 26 ජනවාරි 2022 19:43

    Latest News