යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව 6වැනි ස්ථානයට

පෙබ 04, 2022

    වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි ස්ථානය දිනා ගනිමින් මෙවර තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    ඒ, තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීම සදහා පැවැති තරගයෙන් පාකිස්තාන යොවුන් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 238කින් පරාජය වීම හේතුවෙන්.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට පකිස්තානයට ආරාධනා කළේය.

    ඒ අනුව පකිස්තාන යොවුන් පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 3ක් දැවී ලකුණු 365ක් රැස් කරමින්. හසීබුල්ලාහ් ලකුණු 136 (151)ක් ද, කසීම් නොදැවී ලකුණු 135(80)ක් ද රැස් කළේය.

    පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 62කට කඩුලු 2ක් හා රවීන් ද සිල්වා ලකුණු 33කට එක් කඩුල්ලක් බිද හෙළීය.

    පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 34ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණයි.

    පන්දු යැවීමේදී පාකිස්තාන නායක ක්වාසීම් අක්‍රම් කඩුළු 5ක් දවාගත් අතර 19න් පහළ ලෝක කුසලාන තරගයකදී ශතකයක් සහ කඩුළු 5ක් දවාගත් පළමු ක්‍රීඩකයා ලෙස ඔහු සැලකෙයි.

    Last modified on සිකුරාදා, 04 පෙබරවාරි 2022 10:17

    Latest News