තරුෂි මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට

අගෝ 19, 2021

    ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට තරුෂි කරුණාරත්න අද සමත් වුණා.

    ඒ, ඇය සහභාගී වූ මූලික තරගයෙන් තෙවැනි ස්ථානය ලබා ගනිමින් තරගාවලිය පැවැත්වෙන්නේ,  කෙන්යාවේ නයිරෝබි නුවරදී,  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මීටර් 800 මූලික තරග සඳහා අද සහභාගී වුනා. පළමු මූලික තරගයට සහභාගී වුණේ ශානිකා ලක්ෂානි. ඇය, එහිදී මිනිත්තු 2 යි තත්පර 20.37 ක කාලයකින් තරගය අවසන් කළා. එහෙත්, ශානිකාට අවසන් පූර්ව වටයට සහභාගීවීමේ අවස්ථාව හිමි වුණේ නැහැ.

    මීටර් 800 දෙවැනි මූලික තරගයට සහභාගී වුණේ තරුෂි කරුණාරත්න යි. ඇය මිනිත්තු 2 යි තත්පර 10.70 ක කාලයකින් තරගය අවසන් කළා. තරුෂිට එහිදී හිමිවුණේ තෙවැනි ස්ථානයයි. ඇය සහභාගී වන මීටර් 800 ඉසව්වේ අවසන් පූර්ව තරගය හෙට (20) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 06.50 ට පැවැත්වීමට නියමිතයි.

    Latest News