පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කොවිඩ් ආසාධිත බවට තහවුරු වීමෙන් පසු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු සේවයේ නියුතු කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමේ වැඩසටහනක් පසුගිය 13 හා 15 යන දිනවල දී පාර්ලිමේන්තු සංකීරණයේ දී සිදුකෙරිණ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි එළඹෙන සඳුදා (18) පැවැත්වීමට තීරණය කොට ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

පාර්ලිමේන්තු කාරක සභා සඳහා පත් කළ සාමාජිකයින්ගේ නම් ලබන බදාදා (05) කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනය කිරීමට නියමිතයි.

Update - පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නියෝජිතයෝ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතයි. ඒ පස්වරු 4. 00ට අරලියගහ මන්දිරයේදීයි.

Latest News