එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද

අගෝ 19, 2019

    එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතයි. ඒ පස්වරු 4. 00ට අරලියගහ මන්දිරයේදීයි.

    මෙහිදී, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ එක්ව බිහිකිරීමට නියමිත නව සන්ධානය පිළිබඳ අවධානයට යොමු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
    එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂයා සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති.

    නව සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර පසුගිය සෙනසුරාදා (17) පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය.

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 08:29

    Latest News