icc

logo

නාකොටික් තවත් නිලධාරියෙක් අත්අඩංගුවට

ජූලි 08, 2020

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් 17 වන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රාගමදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහායදීමේ චෝදනා එල්ලව තිබියදී පොලිසියෙන් වසන් වී සිටි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයා ඊයේ දහවල් කඩවත පොලිසියට පැමිණ භාර විය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබාගත් පැය 72 ක රැඳවුම් නියෝග මත මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවති.

    Last modified on බදාදා, 08 ජූලි 2020 09:21

    Latest News