"සිහිනයකි රෑ" දරුවන් වෙනුවෙන් ප්‍රතිපාදන

මාර් 28, 2019

    ලග්ගල, කිව්ලේවාඩිය ප්‍රාථමික විදුහලට, නාරංගමුව ප්‍රාථමික විදුහලට හා  රණමුරේ  මහා විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන දරු දැරියන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම ජාතික රූපවාහිනී "සිහිනයකි රෑ" වැඩසටහන නිෂ්පාදකවරයා සහ  ප්‍රේක්ෂක ප්‍රජාව එක්ව  සිදු  කෙරිණ.

    මෙම පාසල්වල ඉගෙනුම ලබන දුවා දරුවන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ  අධ්‍යාපනය  ලබන බව පසුගියදා අප ජනමාධ්‍ය මගින් හෙළිදරව් කර තිබිණි. ඒ අනුව "සිහිනයකි රෑ" ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වන  වැඩසටහනේ  කළමනාකාරවරයා සහ නිෂ්පාදකවරිය එක්ව මෙම පුවත පිළිබඳව අවධානය යොමු කොට ප්‍රේක්ෂක ජනතාවගේ ද සහයෝගය ඇතිව අති දුෂ්කර ගමන් මාර්ගය ඔස්සේ ගොස් මෙම දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා දීම කටයුතු කළේය.

    රණමුරේ පාසලේ දරුවන් සහ නාරංගමුව ප්‍රාථමික විදුහලේ දරුවන්ට පාසලේදී උපකරණ ලබා දුන් අතර කිව්ලේවාඩිය ප්‍රාථමික  විදුහලේ දී එම විද්‍යාලයේ දරු දැරියන්ට පරිත්‍යාග ලබාදීම සිදුකෙරිණි.

    jathika 01

    jathika 02

    jathika 03

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 14:54

    Latest News