අයහපත් කළගුණයෙන් පීඩාවට පත් පාසල් දරුවනට සහන

දෙසැ 24, 2018

    උතුරු පළාතේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සැලසීම සදහා විශේෂ වැඩසටහනක් දියත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට අද උපදෙස් ලබා දි තිබේ.

    ඒ අනුව නිවාස හානියට පත්ව සිටින පාසල් දරුවන් සදහා අමතර පාසල් නිල ඇදුම් කට්ටලයක් සහ පාවහන් මිළදි ගැනීමට වවුචරයක් පිරිනැමීමට තීරණය කර ඇත.

    මීට අමතරව පෙළපොත් හානියට පත්ව ඇත්නම් ඒ සදහා අලුතින් පෙළ පොත් ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    Latest News