හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්‌ට එරෙහිව තවත් පැමිණිල්ලක්

ජූනි 04, 2020

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්‌ට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස්‌ මූලස්ථානයට ඉදිරිපත්‌ කර තිබෙනවා.

    ඒ පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්‌ මහතාගේ අනුදැනුම මත හුණුගල්‌ නිධියක්‌ පුද්ගලික සමාගමකට ලබාදීමෙන්‌ රජයට රුපියල්‌ කෝටි 40ක අලාභයක්‌ සිදුවීම සම්බන්ධයෙනි.‌

    පැමිණිල්ල ඉදිරිපත්‌ කරනු ලැබ ඇත්තේ, සිමෙන්නි සංස්ථාවේ සභාපති, නීතීඥ ගාමිණී ඒකනායක මහතා විසිනි‌. පුත්තලම, අරුවක්කාල ප්‍රදේශයේ පිහිටි හුණුගල්‌ නිධිය පෞද්ගලික සමාගමකට බදු දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද නොමැතිවයි. ඉන්‌ රජයට සිදුව ඇති අලාභය සහ ඊට අදාල ගිණුම්වල අක්‍රමිකතා සෙවීම සඳහා මෙම පැමිණිල්ල ඉදිරිපත්‌ කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News