පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 17 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම් සිදු කළ බවට සැක කෙරෙන පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර රහස් පොලිසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දිවයිනේ පිහිටි බැංකු සහ මූල්‍ය ආයතන 80 කට නියෝග කළේය.

Update: පොලිස් මූලස්ථානයේ විදුලිය සෝපාන ක්‍රියාකරුට බැණ තර්ජනය කර පහරදීමට තැත් කළ බව කියන සිද්ධියට අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද(25) යළි ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානයේ දී විදුලි සෝපාන ක්‍රියාකරුට අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා බැණ තර්ජනය කළ බව කියන සිද්ධියේ සීසීටීවී දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස රහස් පොලීසිය සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විධිමත්ව එම ඉල්ලීම සිදු කරන්නැයි පොලිසියට ඊයේ උපදෙස් ලබා දුන්නේය.

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද යළි සලකා බැලීම ආරම්භ කෙරිණ.

Update - පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ප්‍රකාශ කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට එරෙහිව නීතිපති විසින් ප්‍රතිශෝධන අයඳුම්පතක් කොළඹ මහාධිකරණයට අද ඉදිරිපත් කර තිබේ.

Latest News