මාධ්‍යට තොරතුරු දීමට හේමසිරිගේ සහ පූජිත්ගේ නිතිඥයින් එරෙහිවේ (වීඩියෝ)

ජූලි 22, 2019

    Update - පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ප්‍රකාශ කළේය.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම තුළින් සාපරාධී වගකීම් පැහැර සහ මිනීමැරුම් චෝදනා මත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි පෙත්සම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දි අද කැඳවණු ලැබිණ.

    පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර ඇප මත මුදාහැර සිටින හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කර ඇති බවත් පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පැවසීයිය. ඔහුගෙන් අද දින ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් ඔහු කියා සිටියේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දිනී.

    විමර්ශනයට අදාළව ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර මහතා ලබා දී ඇති උත්තරය පිළිබඳව උද්යෝගයෙන් අවධානය යොමු කරන ලෙසත් එහි සහරාන් නමැති ත්‍රස්තවාදියා සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳවත් රහස් පොලිසියේ අවධානය යොමු කරන ලෙස විත්තියේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටියා.

    පරීක්ෂණයකදී ලබාදෙන සෑම කටඋත්තරයක් සම්බන්ධයෙන්ම උද්යෝගයෙන් විමසා බැලීම අවශ්‍ය බව මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේය. නීතිපති සෑම විටම විවෘත මනසකින් යුතුව පරීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ද පෙන්වා දුනී.

    මෙම නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදන හරහා තම සේවාදායකයන්ට දැඩි අගතියක් සිදුවන බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ඩිල්ෂාන් ජයසූරිය යන නීතිඥවරු කරුණු දක්වමින් පැවසුවේය. මෙවැනි මාධ්‍ය නිවේදන හරහා අධිකරණ තීන්දු ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට මහජනතාව පෙළඹෙනු බවත් විත්තියේ නීතිඥවරයා අධිකරණයේ අවධානය යොමු කරන මෙන්ද ඉල්ලා සිටියේය.

    සෑම රාජ්‍ය ආයතනයකම ආයතන සංග්‍රහයට අනුව කටයුතු කරන බවත් වර්තමානයේ තොරතුරු දැනගැනීමේ පනත ඇති බැවින් තොරතුරු ලබාදීමට රාජ්‍ය ආයතන බැඳී සිටින බව ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියා. මෙම කරුණ පිළිබඳව තමා පෞද්ගලිකව නීතිපතිවරයාගේ අවධානයට යොමුකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

    මෙම කරුණ නීතිපතිගේ අවධානයට යොමු කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයාට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියා සිටි අතර නඩුවට අදාළ විමර්ශන ප්‍රගති වාර්තාවක් ඔක්තෝබර් මස 3 වන දා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද නියම කළේය.

    හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට ඇප පිරිනැමීමට එරෙහි මහධිකරණ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධ තොරතුරු නිතිපතිගේ අනුමැතිය මත මාධ්‍ය වෙත නිකුත් කළ බව නීතිපතිගේ සම්බන්ධිකරණ නිළධාරිනි රජයේ අධිනිතිඥ නිශාර ජයරත්න නිවේදනය නිකුත් කරමින් මේ අතර කියා සිටි.

    හේමසිරි හා පූජිත් අධිකරණයට (10.20)

    අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

    පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ සිද්ධියට අදාළව මොවුන්ට එරෙහිව නඩු පවරා තිබිණ. අනතුරුව පසුගිය 9 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබූයි.

     

    Last modified on සදුදා, 22 ජූලි 2019 20:20

    Latest News