ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්ම්ය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

අකර්මණ්‍ය වූ හදවතක් පැයක් වැනි කාලයක් තුල නැවත පණ ගැන්වීමට තෙරපුම් බලය ලබාදිය හැකි නවීනතම වෛද්‍ය උපකරණයක් වෛද්‍ය සිසුවෙක් නිර්මාණය කර තිබේ.

ලෝක බැංකු සමූහයේ ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබද ඡ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය වන කැරන් ග්‍රවුන් මහත්මිය හා ලෝක බැංකු සමූහයේ කාර්ය මණ්ඩලය, ලෝක බැංකුවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධව කටයුතු කරන හවුල්කරුවන් පසුගියදා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය හමුවිය.

දැඩි රෝගී තදබදයක් පවතින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සියලු පහසුකම් සහිත නවීන රෝහලක් බවට පත් කිරිමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය තීරණය කර තිබේ.

කෙරෝනා වෛරස් රෝගය ඇතුලු වෛරස් රෝග මැඩලීමට සහ පාලනය සදහා ආයුර්වේදයේ ඇති පිළියම් සහ ඉදිරියේ දී වෛරසය පැතිරීම පාලනය සදහා දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් ගත හැකි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබවත් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

රත්නපුර ශික්ෂණ රෝහල මෙරට දෙවැනි ප්‍රධානතම රෝහල බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ මහරගම අපේක්ෂා රෝහලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

ප්‍රතිකාර සේවාවන් සදහා රජය විශාල මුදලක් වැය කරන බැවින් සියළු ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන සාධාරණය ඉෂ්ඨ කරන වසරක් බවට 2020 පත්විය යුතු යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

තරුණයින් අතර දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරිම සඳහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් පවසයි.

පසුගිය දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රශ්ණයක් වූ පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා මහරගම අපේක්ෂා රෝහලට අත්‍යාවශ්‍යව තිබූ ඖෂධ 24 ක් මිල දී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

Latest News