ඇඹිලිපිටිය රෝහල රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමට පියවර...ඇමති පවිත්‍රා

පෙබ 17, 2020

    දැඩි රෝගී තදබදයක් පවතින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සියලු පහසුකම් සහිත නවීන රෝහලක් බවට පත් කිරිමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම රෝහල තව නොබෝ දිනකින් සබරගමු පළාත් සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට කටයුතු යොදන බව අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඇය මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය රෝහලේ පවතින මානව හා භෞතික සම්පත් සහ අනෙකුත් අවශ්‍යතාවයන් සොයා බැලීම සදහා ඊයේ දින (15) එම රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකවට එක්වෙමිනි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය...

    "රෝහල් කමිටුවේ හා කාර්ය මණ්ඩලයේ ඉල්ලීමක් තිබුනා මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගන්න කියලා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යධූරයට මා පත් වූ පසු ඒ සදහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරිමට පියවර ගත්තා.

    පළාත් ආණ්ඩුකාරතුමාගෙන් විමසා සිටියා මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට අවසර දෙනවා ද කියලා. එතුමා දැනුම් දී තිබෙනවා මධ්‍යම රජයට මෙම රෝහල පවරා ගැනීමට විරුද්ධත්වයක් නැති බව. ඒ අනූව මීළඟ කැබිනට් මණ්ඩලයේ දී මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට අනුමැතිය ලබාගැනීමට කටයුතු කරනවා."

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 13:23

    Latest News