රාජකාරී අතරතුර අනතුරට පත් වන වනජීවි නිලධාරින්ට ලබා දෙන වන්දි මුදල ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාතෙන් පසු මහනුවර,කුරුණෑගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බව, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මෙම වසර ඇතුළත මෙරට ජනගහණයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට රජයට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීමට හැකිවීම සතුටට කරුණක් බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ රෝගී තත්වය සුව අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරු පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

සියලු වතු රෝහල් මධ්‍යම රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොවිඩ් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගැළපෙන එන්නත හෝ එන්නත් හඳුනා ගැනීම ඉතා සැළකිල්ලෙන් සිදු කළ යුතු බවත් එන්නත් පිළිබඳ පර්යේෂණ වාර්තා,එන්නතේ සඵලතාවය,අතුරු ආබාධ, එන්නත ගබඩා කළ යුතු උෂ්ණත්වය හා ඒ සඳහා පිළිගත් ඖෂධ නියාමන අධිකාරිය මගින් ලැබුණු අනුමැතිය යන සෑම කරුණක්ම මනාව අධ්‍යනය කිරීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

Latest News