එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ඇරඹීමට හැකිවීම සතුටට කරුණක්..සෞඛ්‍ය ඇමති

ජන 29, 2021

    කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීමට හැකිවීම සතුටට කරුණක් බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    තමන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගීවීමට නොහැකි වුවත්, මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකිවේවායි,ප්‍රාර්ථනා කරන බව සෞඛය අමාත්‍යවරිය පවසයි.

    එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් සමග මෙරට කොරෝනා වෛරස මර්දන වැඩපිළිවෙළ තවත් ශක්තිමත් වන බවයි, සෞඛ්‍ය අමාත්‍යවරයි අවධාරණය කරන්නේ. එන්නත බලාපොරොත්තු වූ කාලසීමාවටත් පෙර මෙරටට ලබා ගැනීමට හැකිවීම සතුටට කරුණක්.

    මෙම එන්නත කඩිනමින් මෙරටට ලබාදීමට පියවර ගත් ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඉන්දීය රජයටත්, මෙම කටයුතු සම්බන්ධීකරණය කළ ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු එන්නත්කරණ වැඩසටහන සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාටත් තම ස්තූතිය පුද කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයි පවසයි.

    Latest News