බස්නාහිරෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවර,කුරුණෑගල හා රත්නපුරයට

මැයි 14, 2021

    කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාතෙන් පසු මහනුවර,කුරුණෑගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බව, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශ තෝරා ගනිමින් ලබාදෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    එන්නත්කරණ වැඩසටහන මේ වන විට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්කවල සාර්ථකව ක්‍රියාත්මකයි.

    Latest News