කොවිඩ් 19 වැළඳුනු ඇමති පවිත්‍රා සුව අතට (වීඩියෝ)

ජන 28, 2021
  • කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ රෝගී තත්වය සුව අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරු පවසනවා.

    අමාත්‍යවරියගේ පළමු ආශ්‍රිත සහ පෞද්ගලික ලේකම් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් මේ වන විට නිරෝධායන වෙමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාාංශයේ නිවේදනය කරන්නේ. ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    මේ අතර මෙරටට ලැබී ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේ වැඩපිළිවෙල විධිමත් අයුරින් සිදු කරන ලෙස ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය ලේකම වෛද්‍ය මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 21:56

    Latest News