සියලු වතු රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීමට පියවර...ඇමති පවිත්‍රා

ජන 07, 2021

    සියලු වතු රෝහල් මධ්‍යම රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය කියා සිටියේ, සියලු වතු රෝහල් විධිමත් ලෙස සංවර්ධනය කිරීමට ද කඩිනමින් පියවර ගන්නා බවයි.

    මේ අතර ඊයේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදය පැවැත්වුණේ යුක්‍රේන සංචාරකයින් ගෙන්වීම සම්බන්ධයෙන්. යෝජනාව ඉදිරිපත් කළේ විපක්ෂයයි.

    Latest News